Gossips

වතු කම්කරු පිරිසකට බඹර ප්‍රහාරයක් (ඡායාරූප)

බගවන්තලාව – ලොයිනොන් වතුයායේ තේ දළු නෙලමින් සිටි කම්කරුවන් පිරිසකට අද පෙරවරුවේ බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
එම බඹර ප්‍රහාරයෙන් වතු කම්කරු කාන්තාවන් 9 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා බගවන්තලාව රෝහල වෙත යොමු කළ බවයි පොලීසිය සදහන් කළේ.
ඉන් කිහිප දෙනෙකු මේ වන විට ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර, තවත් කාන්තාවන් තුන් දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන බව සඳහන්.
මේ අතර බගවන්තලාව බොගවාන තේ වතු යායේ දලු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ලවූ බඹර ප්‍රහාරයකින් කාන්තාවන් ඇතුලු 20 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඔවුන් බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කෙරුනා.
අද දහවල් 12 ට පමණ මෙම කම්කරුවන් බඹර ප්‍රහාරයට ලක්ව ඇති අතර විශාල ගසක තිබු බඹර කූඩුවකට උකුස්සෙකු පහරදීම හේතුවෙන් බඹරුන් ඇවිස්සී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.


ඡායාරූප – හැටන් රංජිත් රාජපක්ෂ