Gossips

වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක්

මස්කෙළිය – බ්‍රන්ස්වික් වතුයායේ – ක්වීන්ස්ලන්ඩ් කොටසේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද පෙරවරුවේ එල්ල වූ බඹර ප්‍රහාරයක් හේතුවෙන් කාන්තාවන් 15 දෙනෙකු රෝහල් ගත කෙරුණා.
තේ පඳුරක බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි පොලීසිය සදහන් කළේ.
කෙසේ වෙතත්, ප්‍රතිකාර ලැබීමෙන් පසු 3 දෙනෙකු හැර අනෙක් පිරිස මේ වන විට මස්කෙලිය රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.