Gossips

වතු කම්කරුවන් පිරිසකට අදත් බඹර ප්‍රහාරයක්

හැටන් – දිඹුල – ඩේ‍රටන් වතු යායේ තේ දළු නෙළමින් සිටි පිරිසකට අද එල්ල වූ බඹර ප්‍රහාරයකින් තුවාල ලැබූ වතුකම්කරුවන් 16 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.
ඔවුන් මේ වනවිට කොටගල ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබන අතර, සියලුදෙනා පිරිමි පුද්ගලයින් බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
තේ පඳුරක බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව හිරු වාර්තාකරු සඳහන් කළා.
ඊයේ පස්වරුවේද මෙම වතු යායේම කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ලවූ අතර, එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ 36 දෙනෙකු රෝහල් ගත කෙරුණා.