Gossips

වතු කම්කරුවන් තුන්වන දිනටත් වර්ජනයේ

සිය දෛනික මුලික වැටුප රුපියල් 1000කින් වැඩිකරන ලෙස ඉල්ලා වතුකම්කරුවන් සිදුකරන අඛණ්ඩ වර්ජනයට අදට දින 03ක් ගත වනවා.
සිය ඉල්ලීම් සදහා විසදුම් ලබා දෙන තෙක් වර්ජනය සිදුකරන බවයි ඔවුන් පවසන්නේ.
කෙසේ වෙතත් වතු හාම්පුතුන්ගේ සංගමය සඳහන් කළේ මේ වන විට පවතින රුපියල් 500 යේ දෛනික වැටුප වෙනුවට රුපියල් 940ක් වැටුපක් ලබාදීම සඳහා වතු කම්කරුවන් වෙත යෝජනා ඉදිරිපත් කර ඇති බවයි.
එහෙත් එමඟින් දෛනික මූලික වැටුප ලෙස රුපියල් 600ක් ලබාදීමට පමණක් යෝජනා වී ඇති හෙයින් ඊට එකඟවිය නොහැකි බවයි වතුකම්කරුවන් පවසන්නේ.