Gossips

වතු කම්කරුවන් අද සිට අඛණ්ඩ වර්ජනයේ

අද සිට වතු කම්කරුවන් අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බව ලංකා කම්කරු කොංග්‍රසය පවසනවා.
ඔවුන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලමිනුයි ඔවුන් මෙම වර්ජනය ආරම්භ කර ඇත්තේ.
මීට පෙර දෛනික වැටුප සම්බන්ධයෙන් වතු හාම්පුතුන් සමඟ සාකච්ඡා වට 06ක් පැවැතුණ ද ඒවා අසාර්ථකවීම නිසා අද (04) සිට මෙලෙස අඛණ්ඩ වර්ජනයේ නිරත වන බව ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති එස්. අරුල්සාමි හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.