Gossips

වතු කම්කරුවන් අදත් විරෝධතාවල (ඡායාරූප)

වතු කම්කරු වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් අදත් ප්‍රදේශ රැසක විරෝධතා පැවැත්වුණා.
හැටන් – බගවන්තලාව ප්‍රධාන මාර්ගය නෝර්වුඞ් – කිව් වත්ත ප්‍රදේශයෙන් අවහිර කරමින් වතු කම්කරුවන් පිරිසක් අද දහවල් විරෝධතාවයේ නිරත වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මීට අමතරව තවත් වතු කම්කරුවන් පිරිසක් දික්ඔය නගරයට පැමිණ විරෝධාතවයේ නිරත වූයේ තම වැටුප රුපියල දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින්.
එමෙන්ම මහනුවර – පන්විල ප්‍රදේශයේදී ද, වතු කම්කරුවන් පිරිසක් සිය වැටුප වැඩි කරන ලෙස ඉල්ලා විරෝධතාවයේ නිරත වුණා.
දැනට වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 530ක් වන අතර, එය දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලා වතු හාම්පුතුන් සමඟ පැවති සාකච්ඡා ද අසාර්ථක වී තිබෙනවා.

(ඡායාරූප – රංජිත් රාජපක්ෂ)