දැනට එකඟ වී ඇති වතු කම්කරුවන්ගේ දෛනික මුලික වැටුප වන රුපියල් 750 ට අමතරව, රුපියල් 50 ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක සඳහන් කළා.
එම මුදල මෙවර අයවැයෙන් ලබා දෙන බවයි තේ මන්ඩලයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.
