Gossips

වතු කම්කරුවන්ට අයවැයෙන් දීමනාවක්

ඉදිරි අයවැයෙන් වතු කම්කරුවන්ට රජයෙන් දීමනාවක් ලබාදීමට ප්‍රතිපත්තිමය එකඟතාවකට පැමිණි බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ සම නායක කැබිනට් නොවන අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන් ප්‍රකාශ කළා.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් ඉදිරියේදී යලිත් අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමට නියමිත බවයි.
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ඉහල නැංවීමේ ගැටළුව සම්බන්ධයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක, කම්කරු හා වෘත්තීය සමිති සබදතා කැබිනට් නොවන අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර, දෙමල ප්‍රගතිශීලි සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් සහ සම නායකයන් වන අමාත්‍ය පී. දිගම්බරම් මෙන්ම කැබිනට් නොවන අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන් අතර මෙම සකාච්ජාව ඊයේ පැවැත්වුණා.
ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වමින් කැබිනට් නොවන අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර කියා සිටියේ පවතින වැටුපට තවත් රුපියල් 100 ක දීමනාවක් ලබාදෙන ලෙසට රජයෙන් ඉල්ලීමක් කළ බවයි.
පසුගිය මස 28 වනදා වතු කම්කරුවන්ගේ වැටුප ඉහළ නංවමින් ගිවිසුමට අත්සන් තැබුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදියි.
එහිදී වතු කම්කරුවෙකුගේ මූලික දෛනික වැටුප රුපියල් 700 ක් ලෙස ඉහළ නංවනු ලැබුවා.
කෙසේ වෙතත් වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි නොකළහොත් අමාත්‍ය මනෝ ගනේෂන් ඇතුලූ තවත් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සිය ධුරවලින් ඉවත්වන බවට ප්‍රකාශ කර තිබුණා.