Gossips

වතු කම්කරුවන්ගේ දෛනික දීමනාව 50කින් ඉහළට – ඇමති මනෝ

අයවැය මගින් රුපියල් 20කින් ඉහළ දැමීමට යෝජනා කර ඇති වතු කම්කරුවන්ගේ දෛනික දීමනාව රුපියල් 50 දක්වා ඉහළ දමන බව ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා.
කොටහේන ප්‍රදේශයේ ඊයේ (08) පැවති උත්සවයකින් අනතුරුව අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
පසුගිය දා 2019 අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කළේ වතු කම්කරු වැටුප් ගැටළුවට කඩිනම් විසඳුම් ලබාදීමටද කටයුතු කරන බවයි.