තණමල්විල – ඌව කුඩාඔය ප්‍රදේශයේදී ජලය පිරවූ බැරලයකට වැටීමෙන් කුඩා දැරියක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
8 හැවිරිදි මෙම දැරිය මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී ඊයේ පස්වරුවේ මෙම අනතුරට ලක්ව ඇති බවයි තණමල්විල පොලීසිය සඳහන් කළේ.
පසුව දැරිය තණමල්විල මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණද ඒ වනවිටත් ඇය ජීවිතක්ෂයට පත්ව සිට තිබෙනවා.
