Gossips

වතුකරයේ දරුවන්ගේ මන්දපෝෂණය තුරන් කිරීමට නව වැඩපිළිවෙලක්

වතුකරයේ වෙසෙන දරුවන්ගේ මන්දපෝෂණය තුරන් කිරීම සඳහා ත්‍රිපෝෂ බෙදාහැරීම විධිමත් කිරීමට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව දරුවන්ගේ පෝෂණ ඌණතාවයන් සඳහා පෝෂදායී බිස්කට් මාස 4 ක කාලයක් ලබාදීමට පියවර ගැනීමට බලාපොරොත්තු වන බවයි එම අමාත්‍යාංශය කියා සිටියේ.
එමෙන්ම වතු රෝහල් රජයට පවරාගැනීමෙන් පසු ඒවා ආශ්‍රිතව ත්‍රිපෝෂ බෙදාහැරීම ආරම්භ කිරීමට බලාපොරොත්තුවන බවද එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන්.
පසුගිය වසරේදී වතුකරයේ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට ත්‍රිපෝෂ පැකට් මිලියනයකට අධික ප්‍රමාණයක් බෙදාහැර තිබෙනවා.
ඒවා විධිමත්ව බෙදා හැරීමට කටයුතු කළ යුතු බවටයි අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත්තේ.
මේ අතර පෞද්ගලික රෝහල් නියාමනය කිරීමේ වැඩපිළිවෙල යටතේ දැනට ලැබී ඇති මිල ගණන් පිළිබඳ පෞද්ගලික රෝහල් හිමිකරුවන්ගේ සංගමය සමග සාකච්ඡා කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.
ඇතැම් මිල ගණන් සංශෝදනය විය යුතු බවයි ඔහු කියාසිටියේ.
පෞද්ගලික රෝහල් නියාමනය කිරීමේ වැඩපිළිවෙල කඩිනමින් ආරම්භ කරන බව ද සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න අවධාරණය කළා.