Gossips

වතුකරයේ තරුණයින්ගේ සත්‍යග්‍රහයට තවත් පිරිසකගේ සහය

වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලා කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිට තරුණයින් පිරිසක් ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට වතුකරයේ ජනතාව ද සහය පළ කර තිබෙනවා.
ඊයේ තරුණයින් පිරිසක් මෙම සත්‍යග්‍රහය ආරම්භ කළේ වතුකරයේ ජනතාවගේ වැටුප් ගැටලූවට තවමත් විසදුමක් නොලැබීම හේතුවෙන්.
මේ අතර, සත්‍යග්‍රහයේ නිරතව සිටින තරුණයින්ට ආශිර්වාද කරමින් හැටන් වතුයායේ හින්දු කෝවිලේදී ආශිර්වාද පූජාවක් ද පැවැත්වූ බවයි අප වාර්තාකරු සදහන් කළේ.