වතු කම්කරුවන්ගේ මූලික වැටුප වැඩි කරන ලෙස වතු සමාගම්වලට බල කරමින් දෙමළ ප්රගතිශීලි සන්ධානය සහ වතු වෘත්තීය සමිති කිහිපයක් අද තලවකැලේ නගරයේදී උද්ඝෝෂණයක නිරත වනවා.
දැනට වතුකම්කරුවෙකුට රුපියල් 500 ක මූලික වැටුපක් දිනකට හිමිවන අතර වසර දෙකකට වරක් වැටුප් වැඩි කිරීමට අදාළ සාමුහික ගිවිසුමට අත්සන් තැබිය යුතුයි.
සාමුහික ගිවිසුම අවසන් වරට 2016 වසරේ ඔක්තෝම්බර් 15 වනදා අත්සන් තබා ඇති අතර, ඒ අනුව, නව සාමුහික ගිවිසුමට අත්සන් තැබීම ලබන මාසයේදී සිදුකිරීමට නියමිතයි.