වත්මන් ආණ්ඩුවට 113 ට වැඩි බහුතරයක් මේ වන විට සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් පවසනවා.
ඔවුන් මේ බව සඳහන් කළේ ජනාධිපති ලේකම් කාර්යාලයේ මීට සුළු මොහොතකට පෙර පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින්.
රටේ වත්මන් දේශපාලන තත්ත්වය සහ ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡා කිරීම සදහා ජනාධිපතිවරයා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැති ඇමතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වුණා.
මේ සදහා එක්සත් ජාතික නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රිවරුන් රැසක් මෙන්ම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ද සහභාගී වී තිබෙනවා.