Gossips

වත්මන් ආණ්ඩුවට රට සංවර්ධනය කිරීමේ සැලැස්මක් නැහැ – ටිල්වින් සිල්වා

රට සංවර්ධනය කිරීමේ සැලැස්මක් වත්මන් ආණ්ඩුවට නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එහි ප්‍රධාන ලේකම්, ටිල්වින් සිල්වා මේ බව කියා සිටියේ ගාල්ල – අක්මීමන ප්‍රදේශයේ ඊයේ පැවැති ජන හමුවකට එක්වෙමින්.
ඔහු එහිදී නිදහස පිළිබදව ද අදහස් පළ කළා. සැබවින්ම නිදහස පවතින්නේ ජාවාරම්කරුවන්ට සහ ආණ්ඩුවේ ලොක්කන්ට බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.
මිලියන, බිලියන ගණන් වලින් ඔවුන් සොරකම් කරන බව ද හොරුන්ට නිදහස තිබෙන බව ද ටිල්වින් සිල්වා මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.
ඒ අනුව, රට හදන සැලැස්මක් වත්මන් ආණ්ඩුවට නොපවතින බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.