Gossips

වත්මන් අගමැතිට එරෙහි පෙත්සම සළකා බැලීම අද

වත්මන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීමට නීතිමය බලයක් නොමැති බවට නියෝගයක් ලබාදෙන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයේ ගොනුකළ පෙත්සම විභාග කිරීම අද යළි සිදුකිරීමට නියමිතයි.
පෙත්සම පසුගිය සිකුරාදා සලකා බැලූණේ අභියාචනාධිකරණ සභාපති විනිසුරු පී‍්‍රති පද්මන් සූරසේන සහ අර්ජුන් ඔබේසේකර හමුවේයි.
මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට එම තනතුරු දැරීමට බලයක් නොමැති බවට ක්වෝ වොරොන්ටෝ රීට් ආඥාවක් ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබුණේ පසුගිය 23 වනදායි.
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු මන්ත්‍රීවරු 122 දෙනෙකු එය ගොනු කර තිබෙනවා.