Gossips

වත්තල සය මහල් රෙදිපිළි වෙළඳසැලක් ගින්නෙන් විනාශ වේ

වත්තල – හැඳල මංසන්ධියේ පිහිටි රෙදිපිළි වෙළඳසැලක හයවන මහලේ ගබඩා කාමරයක ඊයේ රාත්‍රීයේ ඇතිවු ගින්නකින් එම වෙළඳසැල සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා.
වත්තල පොලිසිය සදහන් කලේ 06 වෙනි මහලේ සිදුවු විදුලි කාන්දුවක් ගින්නට හේතුවී ඇති බවට දැනට සිදුකරන ලද පරික්ෂණවලදී අනාවරණය වී ඇති බවයි.
ගින්න නිවා දැමීම සඳහා පොලීසිය, කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන්, නාවික හමුදාව, වෙළඳසැලේ සේවකයන් සහ ප්‍රදේශවාසීන් එක්වුණා.
ගින්නෙන් ජීවිත හානි වාර්තාවී නොමැති අතර, සිදුවූ අලාභය මෙතෙක් තක්සේරු කර නැහැ.

rn