Gossips

වත්තල වෙඩි හුවමාරුවකින් පාතාල සාමාජිකයෙකු මරුට (ඡායාරූප)

වත්තල දී පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකින් පාතාල කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන ඩී. මංජු හෙවත් දඩල්ලගේ මංජු මිය ගොස් තිබෙනවා.
අද (23) පස්වරුවේ පොලිස් විශේෂ කාර්ය බලකාය වත්තල නගරයේදී වෑන් රථයක් පරීක්ෂා කිරීමට උත්සාහ කර ඇති අතර, එහි සිටි පිරිස එහිදී විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට වෙඩි තබා ඇති බව සඳහන්.
එහි දී විශේෂ කාර්ය බලකා නිලධාරීන් සිදුකළ වෙඩි තැබීමෙන් ඩී. මංජු නැමැත්තා මිය ගොස් ඇති අතර, තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
අද දහවල් 1.30 ට පමණ මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුනු තොරතුරක් මත හේකිත්ත ප්‍රදේශයේදී වැටලීම සිදුකර තිබුනා.
මියගිය පුද්ගලයාගේ සිරුර රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.