Gossips

වත්තල වෙඩි තැබීම පිටුපස ‘‘බුම්මා’’ කල්ලිය

වත්තල – හේකිත්ත ප්‍රදේශයේ ඊයේ සිදුවු ද්විත්ව ඝාතනය මෙහෙයවා ඇත්තේ බුම්මා නැමති පාතාල කල්ලිය විසින් බවට අනාවරණය වී තිබෙනවා.
පොලිසිය පවසන්නේ එම කල්ලිය සහ කුඩු සෙල්ලි යන පතාල කල්ලිය අතර කලක සිට පවතින ආරවුලක් මෙම ඝාතනවලට හේතුවී ඇති බවයි.
හේකිත්ත මාර්ගයේදී මෝටර් රථයකින් පැමිණි නාඳුණන පිරිසක් විසින් තවත් මෝටර් රථයකින් යමින් සිටි දෙදෙනෙකුට ඊයේ පස්වරුවේ මෙම වෙඩිතැබීම සිදුකර තිබූ අතර එහිදී 31 සහ 38 යන වයස්වල පසුවන කොාටහේන – ජින්තුපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
මොවුන් කුඩු සෙල්ලි නැමති පාතාල කල්ලියේ ප්‍රබල සාමාජිකයින් බවට මුලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 2016 වසරේදි ඝාතනයට ලක්වු කුඩු සෙල්ලි නැමැති කාන්තාවගේ පුත්‍රයෙකු සහ ඔහුගේ මිතුරායි.
අදාළ කාන්තාවට මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති අතර, ඇයගේ සැමියාද 2017 වසරේදී වෙඩි තැබීමකින් ඝාතනය කර තිබුණා.
ඝාතනය සිදුකළ සැකකරුවන් මේ වනවිට හඳුනාගෙන ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා වත්තල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.