Gossips

වත්තල ද්විත්ව ඝාතනයේ තොරතුරු රැසක් එළියට

වත්තල – හේකිත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමට අදාළව සී.සී.ටී.වී. දර්ශන ලැබී ඇති බැවින් ඒ ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා.
දැනට සිදුකරන ලද පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ මෝටර් රථයට වෙඩි තැබූ නාඳුනන පිරිස සුදු පැහැති මෝටර් රථ දෙකකින් පැමිණ ඝාතන සිදුකර ඇති බවයි.
ඊයේ (13) සිදුකළ මෙම වෙඩි තැබීමේදී සැකකරුවන් විසින් වෙඩි ප්‍රහාර 24ක් පමණ එල්ල කර තිබුණා.
වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු සහ ඉන් එක් අයෙකුගේ සහෝදරියක් මෙන්ම කුඩා දරුවෙකුද මෝටර් රථය තුළ සිට ඇති බව සඳහන්.
වෙඩි තැබීමෙන් පිරිමි පුද්ගලයන් දෙදෙනා මියගිය අතර, කාන්තාවට සහ කුඩා දරුවාට හානියක් සිදුව තිබුණේ නැහැ.
මෙලෙස ඝාතනයට ලක්වූයේ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි රාජේන්ද්‍රන් ස්ටීවන් හෙවත් චාල්ස් නැමති පුද්ගලයා සහ 33 හැවිරිදි ඔහුගේ මිතුරායි.
වැඩිදුර පරීක්ෂනවලදී හෙළිවී ඇත්තේ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත කල්ලි දෙකක් අතර පවතින ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතන සිදුව ඇති බවටයි.
වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ CCTV දර්ශන..