වත්තල – හේකිත්ත ප්‍රදේශයේදී හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු සහ කාන්තාවක් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (01) දහවල් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව, පළමුවෙන් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 25 යි මිලිග්‍රෑම් 800 ක් සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව කාන්තාව, අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇය සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 700 ක් සොයා ගැණුනා.
