වත්තල – මාබෝල ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකු කොල්ලකෑමට පැමිණි පුද්ගලයෙකු පළා යමින් සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ආයුධ සන්නද්ධ පුද්ගලයින් 3 දෙනෙකු වෑන් රථයක සිටි මෙම ව්‍යාපාරිකයා කොල්ල කෑම සඳහා පැමිණ ඇති අතර, ප්‍රදේශවාසීන් සිදුකළ පහරදීම නිසා පළා ගොස් ඇති බව සඳහන්.
ඉන් එක් අයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව තිබූ රිවෝල්වරයක් සහ උණ්ඩ දෙකක් ද පොලිස් භාරයට ගැනුණා.
සැකකරු 41 හැවිරිදි කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අත්අඩංගුවට ගත් සැකකරු ද තුවාල ලබා සිටි නිසා රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර, අද (04) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
