Gossips

වඩමාරච්චි මුහුදෙන් ගොඩගත් වාර්තාගත මත්ස්‍ය අස්වැන්න (ඡායාරූප)

යාපනය, වඩමාරච්චි ප්‍රදේශයේ ධීවරයින්ගේ මාදැලකට කිලෝ ග්‍රෑම් 10,000කට වැඩි මත්ස්‍ය අස්වැන්නක් ඊයේ (17) හසුවී ඇති බව වාර්තා වනවා.
ධීවරයින් පැවසුවේ පරා වර්ගයට අයත් මත්ස්‍යයින් මෙලෙස හසුවී ඇති බවත් එක් පරා මත්ස්‍යයෙකු කිලෝ ග්‍රෑම් එකහාමාරක පමණ බරකින් යුක්ත වන බවයි.
මෙලෙස හසුවී ඇති මත්ස්‍ය තොගය රුපියල් කෝටියක පමණ වටිනාකමින් යුතු බවයි ධීවරයින් වැඩිදුරටත් සඳහන් කළේ.
මත්ස්‍ය අස්වැන්න තොග මිළට විකිණීමට කටයුතු කිරීමට නියමිත බවද වඩමාරච්චි ධීවරයින් පැවසුවා.

ඡායාරූප – වව්නියාව, මාධව කුලසූරිය / දිනසේන රතුගමගේ