යාපනය, වඩමාරච්චි නැගෙනහිර තාලයඩි වෙරළ තීරයේ තිබි පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ (19) සොයාගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ සොයාගත් මළ සිරුර මැදි වයසේ පසුවන පුද්ගලයෙකුගේ වන අතර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් සිරුර කිලිනොච්චිය රෝහල මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි.
පසුගියදා නයාරු ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයින් තිදෙනෙකු අතුරුදන්වීම හේතුවෙන් අදාළ මළ සිරුර හමුවු බවට වන තොරතුර මත නායාරු ධීවර ජනතාවද මළ සිරුර පරීක්ෂා කර ඇති එය අතුරුදහන්වු ධීවරයින්ගේ නොවන බවට හඳුනාගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පලෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.
