මහනුවර ඇතිවූ කළහකාරී සිද්ධීන් සමග තාවකාලිකව අවහිර කර තිබූ වට්ස්ඇප් සමාජ මාධ්‍ය භාවිතය ඊයේ(14) මධ්‍යම රාත්‍රියේ සිට යළි යථා තත්ත්වයට පත් කර තිබෙනවා.
මීට පෙර සීමා කර තිබූ වයිබර් ප්‍රවේශයද යථා තත්ත්වයට පත් කළා.
මේ අතර අවහිර කර ඇති ෆේස්බුක් ප්‍රවේශය සම්බන්ධයෙන් එම සමාගමේ නිලධාරීන් කණ්ඩායමක් සහ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු අතර සාකච්ඡා වක් අද(15) පැවැත්වෙනවා.
මෙම සාකච්ඡාව සඳහා ෆේස්බුක් සමාගමේ තුන්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එක්වනු ඇති.
විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය සදහන් කළේ මෙම කණ්ඩායම අද(15) දිනයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද හමුවීමට නියමිත බවයි.
එහිදී ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ වෛරී සහ වර්ගවාදී ප්‍රකාශ පතුරුවා හැරීම වැළැක්වීම සම්බන්ධයෙන් ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කෙරෙනු ඇති.
