Gossips

වට්ස්ඇප්, ඉන්ස්ටග්‍රෑම් සහ මැසෙන්ජර් ඒකාබද්ධ කෙරේ

සමාජ මාධ්‍ය අතර පෙරමුණ ගත් ෆේස්බුක් නිර්මාතෘ සහ ප්‍රධාන සංවිධායක මාක් සකර්බර්ග් සිය ආයතන ජාලයට එක් කර ගත් මෘදුකාංග මෙවලම් ඒකාබද්ධ කිරීමට සූදානම් වනවා.
ඒ අනුව වට්ස්ඇප්, ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් හි මැසෙන්ජර් සේවාවන් ඒකාබද්ධ කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
එහෙත් ඒවා තවදුරටත් තනි සමාජ මාධ්‍ය ලෙස ද ක්‍රියාත්මක වනු ඇති.
ඒකාබද්ධ කිරීමෙන් පසු එම එක් මාධ්‍යයකට පමණක් සම්බන්ධ ග්‍රාහකයෙකුට අනෙකුත් ඕනෑම මාධ්‍යයක් හරහා පණිවුඩයක් හෝ ඡායාරූපයක් යැවීමට හැකිවීම විශේෂත්වයක්.
ඒ අනුව වට්ස්ඇප්, ගිණුමක් පමණක් හිමි අයෙකුට ෆේස්බුක් හරහා පණිවුඩයක් හෝ ඡායාරූපයක් යැවිය හැකි බවයි ෆේස්බුක් ප්‍රකාශකයෙකු සදහන් කළේ.
එහෙත් මෙම සේවාව ක්‍රියාත්මක වනු ඇත්තේ 2020 වසරේ සිටයි.