Gossips

වටවලදී හැටන් කොළඹ මාර්ගයේ කොටසක් ගිලා බසී

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කොටසක් වටවල කුයිල්වත්ත ප්‍රදේශයේදී යළි ගිලා බැසීමකට ලක්ව තිබෙනවා.
මේ හේතුවෙන් එම ස්ථානයේ ගමනාගමනය එක් මංතීරුවකට සීමා කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
පසුගිය දිනවල පැවති දැඩි වර්ෂාපතනයත් සමග මෙම ස්ථානයේ සුලු ගිලා බැසීමක් තිබු අතර එය මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිසංස්කරණය කර තිබුනා.
කෙසේවෙතත් යළිත් එම ස්ථානයේම ගිලා බැසීම සිදුව ඇති බව සඳහන්.
මීට වසර කිහිපයකට පෙර ද මෙම ස්ථානය සම්පුර්ණයෙන් ගිලා බැසීමෙන් පසු ප්‍රතිසංස්කරණය කළ ස්ථානයක් බවයි අප වාර්තාකරු කියාසිටියේ.