Gossips

වටවලදී වෑන් රථයක් පෙරළීමෙන් 10 දෙනෙකුට තුවාල

නුවරඑළිය – වටවල ප්‍රදේශයේදී වෑන් රථයක් අඩි 10 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් 10 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ගාල්ලේ සිට හැටන් බලා ධාවනය වූ වෑන් රථයක් අද අළුයම මෙලෙස ප්‍රපාතයකට පෙරළී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
තුවාලකරුවන් වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් දෙදෙනෙකු නාවලපිටිය මූලික රෝහලට මාරුකර යවා තිබෙනවා.
එම පිරිස හැටන් ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්.
ඔවුන් ගාල්ල ප්‍රදේශයේ අවමංගල උත්සවයකට සහභාගිවී යළි පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.