Gossips

වටවලදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් එක් අයෙක් මරුට (ඡායාරූප)

හැටන් වටවල ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් සමථයට පත්කිරීමට ගිය පුද්ගලයෙකු ගල් ප්‍රහාරයකට ලක්වීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබනෙවා.
ඊයේ (17) සවස සිදුවූ මේ අනතුරින් මරණයට පත්ව ඇත්තේ වටවල ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි පුද්ගලයෙක්.
මෙම ගැටුමෙන් තුවාල ලැබූ තවත් හත්දෙනෙකු වටවල රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
ගැටුමට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර හැටන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

( ඡායාරූප – ගාමිණී බණ්ඩාර )