Gossips

වචන හුවමාරුවක පැටලුණු ජෝසප් සහ කාවින්ද

ජාඇල – තුඩැල්ල ප්‍රදේශයේ අද (03) පැවැති වැඩසටහනක් අතරතුර එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍ය ජෝසප් මයිකල් පෙරේරා හා පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන අතර යම් වචන හුවමාරුවක් සිදුවුණා.
ජාඇල – තුඩැල්ල සුදුවැල්ල ප්‍රදේශයේ කතෝලික දේවස්ථානයක නව දහම් පාසල් ගොඩනැගිල්ලක් විවෘත කිරීම අද (03) පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධනගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතව තිබුණා.
කෙසේ වෙතත් විවෘත කිරීමේ උත්සවය සඳහා හිටපු අමාත්‍ය ජාඇල එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක ජෝසප් මයිකල් පෙරේරා ද එක්ව සිටියා.
එහිදී එම ස්ථානයේ ප්‍රදර්ශනය කර තිබූ බැනරයක් සම්බන්ධයෙන් ජෝසප් මයිකල් පෙරේරා සිය අප්‍රසාදය පළ කළ අතර ඒ සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා සහ කාවින්ද ජයවර්ධන මන්ත්‍රිවරයා අතර යම් වචන හුවමාරුවක් ඇති වුණා.