පුදුකුඩිඉරිප්පු කොම්බාවිල් ප්‍රදේශයේ ළිඳක තිබී මහලු කාන්තාවකගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
මරණයට පත්වී ඇත්තේ 78 හැවිරිදි කාන්තාවක්.
ඇය පසුගිය 8 වනදා සිට නිවසින් අතුරුදන් බවට පුත්‍රයා විසින් පොලිසියට පැමිණිල්ලක් ද කර තිබු බව සඳහන්.
වගා ළිඳකින් සිය වගාවන්ට ජලය ලබා ගැනීමට ගිය පුද්ගලයෙකු ළිඳ තුල තිබු මළ සිරුර දැක ඒ පිළිබඳ පොලිසියට දැනුම්දී තිබුනා.
ඒ අනුව සිරුර සොයා ගැනුනා.
ප්‍රදේශවාසීන් සඳහන් කර ඇත්තේ ඇය ළිඳට පැන සියදිවි හානිකර ගන්නට ඇති බවයි.
පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර මුලතිව් රෝහලේ තැන්පත් කර ඇති අතර පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුර විමර්ශණ මෙහෙයවනවා.
