වව්නියාව – බෝගස්වැව – නාමල්ගම ප්රදේශයේ වගා ළිඳකට වැටී සිට මුදා ගත් මාස 4 ක් පමණ වයසැති අලි පැටවා උඩවලව ඇත්අතුරු සෙවණට රැගෙන යාමට වනජිවි නිලධාරින් කටයුතු කර තිබෙනවා.
ඊයේ දිනයේදී මෙම වනඅලි පැටවාගේ මව සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඇත් අතුරු සෙවණට යොමු කිරීමට වනජිවි නිලධාරින් කටයුතු කර ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
මෙම අලි පැටවා සිය මවත් සමග පැමිණි අලි වැටෙන් රිංගා ගම්වැදී තිබුණේ පසුගිය 6 වනදායි.