අනුරාධපුර මානිංගමුව මහහල්මිල්ලෑව ප්‍රදේශයේ වගා ළිඳකට වැටී සිටි කිඹුලන් දෙදෙනෙකු බේරාගෙන මල්වතු ඔයට මුදාහැර තිබෙනවා.
අනුරාධපුර වනජීවී කාර්යාල නිලධාරීන් විසිනුයි අද පෙරවරුවේ මෙම කිඹුලන් බේරාගෙන ඇත්තේ.
තම ගවයන් බැලීමට ගිය ප්‍රදේශයේ කාන්තාවක් ළිඳ තුලින් ඇසුනු ශබ්දයක් පිළිබඳ සොයා බැලීමේදී ළිඳට වැටී සිටි කිඹුලන් දැක තිබෙනවා.
මියගිය ගවයෙකුගේ සිරුරු කොටස් ද ළිඳ තුල තිබී ඇති අතර වනජීවී නිලධාරීන් සැක පළ කරන්නේ ගවයා දඩයම් කිරීමට පැමිණීමේ දී කිඹුලන් දෙදෙනා ළිඳට වැටෙන්නට ඇති බවටයි.
rn
