පොළොන්නරුව සහ අම්පාර දිස්ත්‍රික්කයේ ගොවීන්ට මහ කන්නය වෙනුවෙන් බිත්තර වී මිලදී ගැනීම සඳහා අක්කරයකට රුපියල් 1500 සිට 3000 දක්වා වන්දි ලබාදීමට ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.
එම දිස්ත්‍රික්ක දෙකේ මෙවර යළ කන්නයේදී වී ගොවිතැන ආශ්‍රිතව කීඩෑ සහ පුරුක්පණු හානිය ඉතා සීග්‍රව ව්‍යාප්තවීම නිසා ගොවිතැනට විශාල හානියක් සිදුවුණා.
ඒ අනුවයි වන්දි ලබාදීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය අදාළ යෝජනාව ඉදිරිපත් කර තිබුණේ.
