වගා කර ඇති කුඹුරු ප්‍රමාණය කොතෙක්ද යන්න පිළිබදව නිවැරදිවම දැන ගැනීම සඳහා ගුවන් හමුදාව හරහා ගුවනින් තොරතුරු ලබා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ගුවනින් ලබා ගන්නා සිතියම් හා දත්ත මත වගා කෙරෙන කුඹුරු පිළිබඳ නිවැරදි තොරතුරු ලබා ගැනීමට නියමිතයි.
මීට පෙර ලබා ගත් දත්ත අනුව යල කන්නයේදී වගා කෙරෙන කුඹුරු ප්‍රමාණය හෙක්ටයාර ලක්ෂ හතරහමාරක්.
එමෙන්ම මාස් කන්නයේදී හෙක්ටයාර හත්ලක්ෂ 40000 ක් ද වගා කෙරෙන අතර, සමස්තයක් ලෙස කුඹුරු ඉඩම් හෙක්ටයාර ලක්ෂ 8 කට ආසන්න ප්‍රමාණයක් වගා කෙරෙන බව සඳහන්.
