පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අක්කර 04 ක රජය සතු ඉඩමකට මාස කිහිපයක සිට ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු හිමිකම් කියන බව ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.
ඔවුන් පවසන්නේ රාජ්‍ය නිලධාරීන්ගේ මැදිහත්වීම මත පොල් වගාකිරීමට බලපත්‍රයකට ඉල්ලුම් කරමින් මෙය සිදුවන බවයි.
ඉඩමට බලපත්‍රය පවා තවමත් ලැබී නැති වුවත්, මෙම පුද්ගලයා ඉඩමේ තිබු විශාල ප්‍රමාණයේ කුඹුක්, බක් මී මෙන්ම තිල්ල ආදී කඩොලාන ශාක සියල්ල මෙම ඩෝසරය යොදා මේ වනවිටත් මුළුමනින්ම කපා විනාශ කර තිබෙනවා.