Gossips

වගාකරුවන්ට පූර්ව අවදානම් සංඥා ලබාදීමට නව වෙබ් අඩවියක්

ගොවීන්ට බෝග වගාවන් පිළිබද යාවත්කාලීන තොරතුරු ලබා ගැනීම සදහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නව වෙබ් අඩවියක් හදුන්වා දී තිබෙනවා.
ඒ හරහා වී, එළවළු හා අනෙකුත් බෝග වගාවන් පිළිබදව තොරතුරු ලබාගැනීමේ සහ ලබාදීමේ හැකියාව පවතින බවයි ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය සදහන් කළේ.
එමෙන්ම, එළවළු වගාකරුවන් සදහා පූර්ව අවදානම් සංඥා ලබාදීම තුළින් අතිරික්ත බෝග වගාවන් හේතුවෙන් සිදුවන මිල පහළ යාම් සහ නාස්තිය අවම කිරීමත් මෙම වෙබ් අඩවිය හරහා සිදුකෙරෙනු ඇති.
http://croplook.net යන වෙබ් ලිපිනයෙන් මෙම වෙබ් අඩවිය හරහා සම්බන්ධ විය හැකියි.