ධුරයේ වගකීම් ඉටුකිරීම හැර වෙනත් න්‍යාය පත්‍රයක් තමන් තුළ නොමැති බව පොලිස්පති පූජිත් ජයසුන්දර පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කුරුණෑගල ඊයේ (11) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්.
එහිදී පොලිස්පතිවරයා දේශපාලනයට පිවිසෙන්නේ දැයි ප්‍රශ්න කළ විට ඔහු කියා සිටියේ එවැනි අදහසක් හෝ සිතුවිල්ලක් හෝ නොමැති බවයි.