ජාතික වකුගඩු අරමුදල තමන් පිහිටුවනු ලැබුයේ 2015 ජනාධිපතිවරණය සඳහා මැතිවරණ ව්‍යාපාරයට ලැබුණු මුදලින් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා විසින් ආරම්භ කරන ලද ජාතික වකුගඩු අරමුදලේ රුපියල් මිලියන 628ක මූල්‍ය ප්‍රතිපාදන උපයෝගී කර ගනිමින් මහනුවර මහරෝහලට අනුබද්ධිතව ඉදිකළ වකුගඩු රෝග සහන සත්කාරක හා සුබසාධන මධ්‍යස්ථානය ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරුණා.
ඊට සමගාමීව මහනුවර – ගැටඹේ ක්‍රීඩාංගණයේ අද පැවැති උත්සවයකට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ.