Gossips

වංචා දූෂණ සොයන අලුත් කොමිසමත් වැඩ අරඹයි

2015 වර්ෂයේ ජනවාරි 14 වනදා සිට 2018 වසරේ දෙසැම්බර් 31 දක්වා කාලය තුල රාජ්‍ය ආයතන වල සිදුවූවා යැයි සැලකෙන දූෂණ වංචා සෙවීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කල පරික්ෂණ කොමිෂන් සභාව ඊයේ යලි රැස්වුණා.
මෙහිදි පැමිණිලි 48ක් පිළිබද අවධානය යොමු කෙරුණු අතර ඉන් පැමිණිලි 2ක් සම්බන්ධයෙන් මුලිකව විමර්ශණ සිදුකිරිමට තීරණය කර තිබෙනවා.
පසුගිය කාලවකවානුව තුල රට තුල අඛණ්ඩ විදුලි සැපයුමක් ස්ථාපිත කිරීම සඳහා අතිරේක විදුලි ධාරිතාවක් කෙටිකාලීන පදනමක් මත මිලදි ගැනිමේදී මහා පරිමාණ වංචාවක් සිදුව ඇති බවට අමාත්‍ය පාඨලි චම්පික රණවක ඉදිරිපත් කර ඇති පැමිණිල්ල සහ ආයතන පොදුදේපල සුරැකීමේ සංවිධානය ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් මෙලෙස මුලිකව විමර්ශණය කෙරෙනු ඇති.
එම සංවිධානය කල පැමිණීල්ලේ දැක්වෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ අධ්‍යක්ෂ තනතුර සහ රාජ්‍ය මුදල් අවභාවිතා කිරිමක් සම්බන්ධයෙන්.
එමෙන්ම, ඊයේ රැස්වු කොමිසන් සභා රැස්විමේදි මෙම පරික්ෂණ සදහා පොලිස් නිලධාරින්ගේ සහය ලබාගැනිමටද තීරණය වී තිබෙනවා.
ඒ අනුව සහකාර පොලිස් අධීකාරිවරයෙකුගේ මුලිකත්වයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් පරික්ෂණ සදහා යොදවා ගැනිමට බලාපොරොත්තු වන බව පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇතැයි සඳහන්.
මෙම ජනාධිපති කොමිසන් සභාව මේ මස 18 වනදා යලි රැස්වන අතර පළමුව විමර්ශණය කෙරෙන පැමිණිලි දෙක සම්බන්ධයෙන් සාක්ෂි විමර්ශණය මේ මස 28 වනදා සිදුකිරිමට නියමිතයි.