වත්මන් ආණ්ඩුවේ හෝ පසුගිය ආණ්ඩුවේ වංචා, දූෂණ සිදුකළ පුද්ගලයන්ට කිසිඳු සමාවක් ලබානොදෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් වව්නියාව නගරයේ අද (05) පැවති පැවති ජන හමුවකට එක්වෙමින්.
මේ අතර, වසර 27ක් පුරා වසා දමා තිබෙන කන්කසන්තුරේ සිට පේදුරුතුඩුව දක්වා වූ ඒ – බී – 21 මාර්ගය අද සිට ජනතාවට විවෘත කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
