Politics Sri Lanka

වංචාව, දූෂණය, නාස්තිය පිළිබඳ විශාල සාකච්ඡාවක් අද මැතිවරණ වේදිකාවට ඇවිත් තියෙන්නේ ජවිපෙ නිසයි…

වංචාව, දූෂණය, නාස්තිය පිළිබඳ විශාල සාකච්ඡාවක් අද මැතිවරණ වේදිකාවට ඇවිල්ලා තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ නිසයි. දැන් හැම කෙනාම දූෂණය පරදන කණඩායම් බවට පත් වෙලා. මහින්ද මහත්තයට රනිල් මහත්තයාට මේ වගේ දූෂණය පරදවන්න කියලා වේදිකාවල කියන්න පුළුවන්ද” යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉකුත් 26 වැනිදා අවිස්සාවේලේ දී එසේ පැවසීය.

පළාත් පාලන මැතිවරණයට අවිස්සාවේල්ල ආසනයට ජනතා විමුක්ති පෙරමුණෙන් තරග වදින අපේක්ෂක අපේකෂිකාවන්ට සහය පළ කිරීම සදහා අවිස්සාවේල්ල නගරයේදී මෙම ජන රැලිය පැවැත්විණි.

එහිදී තවදුරටත් අදහස් දැකුවූ අනුර දිසානායක මහතා…

“මෛත්‍රීපාල මහත්තයා 2014 නොවැම්බර් මාසේ 21 වැනිදා ශ්‍රී.ල.නි පක්ෂයෙන් එළියට ඇවිල්ලා එජාපයේ පිහිට පතලා ජනාධිපති වුණා. ශ්‍රිලනිප කෝණයෙන් බැලුවොත් මෛත්‍රිපාල ජනාධිපතිවරයා කරලා තියෙන්නේ ලොතු ද්‍රෝහීකමක්. ශ්‍රී.ල.නි. පක්ෂයෙන් ඉදිරිපත් වෙලා හිටපු නායකයා මහින්ද රාජපක්ෂ මහත්තයා. මෛත්‍රීපාල මහත්තයා ජනාධිපති වුණා. සතියක් ගියේ නැහැ චමල් රාජලක්ෂ මහත්තයාගේ ගෙදර දී මහින්ද මහත්තයා මෛත්‍රී මහත්තයාගෙන් ඇහුවා මගෙන් මොකක්ද වෙන්න ඕනෑ කියලා.

මෛත්‍රීපාල මහත්තයා මට පක්ෂය දෙන්න කිවුවා හා කියා දුන්නා. එහෙමයි පක්ෂය දුන්නේ. ශ්‍රී.ල.නි. පක්ෂයෙන් එළියට ඇවිල්ලා මෛත්‍රීපාල මහත්තයා ජනාධිපති වෙලා ශ්‍රී.ල.නි. පක්ෂය දුන්නට පස්සේ කියා ඇත්තේ අපි මේවා බේර ගනිමු කියා.

මේ අය මීට කළින් දූෂණය ගැන කතා කළේ නැහැ. නමුත් දූෂණය වංචාව නාසිතිය පිළිබඳව විශාල සාකච්ඡාවක් අද මැතිවරණ වේදිකාවට ඇවිල්ලා තියෙනවා. මේක පටන් ගත්තේ ජවිපෙ අපි. මේ මැතිවරණය පටන් ගන්නකොට කීවා දූෂණය පරදවන්න ඕනෑ කියලා. දැන් මේ වෙනකොට හැම කෙනාම දූෂණය පරදවන කණ්ඩායම් බවට පත් වෙලා. මහින්ද මහත්තයාට මේවගේ වේදිකාවලට නැගලා දූෂණය පරදනවා කියලා කියන්න පුළුවන්ද. රනිල් මහත්තයට වේදිකාවට නැගලා ඡන්දය ඉල්ලන්න පුළුවන්ද. ඒ අවස්ථාවකදී තමුන්නාන්සේලා බැඳුම්කරේ බැඳුම්කරේ කියලා කෑ ගහයි. ඔහු වට තුනක් විතර කැරකැවිලා ස්ටේජ් එකෙන් බැහැලා යන්න යයි. මං දැක්කනේ බැඳුම්කරේ කියලා පාරලිමේනතුවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා දඟලපු දැඟලිල්ල.

මෛත්‍රීපාල මහත්තයා කිවුවොත් දූෂණය නතර කරනවා කියලා සුගතදාස ස්ටේඩියම් එකේ මෛත්‍රීපාල මහත්තයාගේ කට්ටිය ගහිල්ලා පපුවට අත තියාගනියි. මේ අය දූෂණ මර්දන කණඩායම් බවට පත්වෙලා තියෙනවා. එජාප පාක්ෂිකයන් ඡන්දය දෙනවද හොරකම් කරපන් කියලා. නැහැ. හැම ඡන්දදායකයෙක්ගේම බලාපොරොත්තුව මොකක්ද? හොඳ දේවල් බලාගෙනයි ඡන්දේ දෙන්නේ. හැබැයි ඡන්දදායකයාට පරස්පර විරෝධී ලෙසයි වැඩ කටයුතු කරන්නේ. අරමුණු දෙකක් අනුව ඒ අරමුණ ඉටු වුණේ නැහැ. මෛත්‍රීපාල මහත්තයා කිවුවා එයාපොර්ට් එකවහනවා කියලා දවස් දෙකයි බැසිල් ගියා ලොකුම මෑන්. හොරු ඇල්ලුවද? හොරු ආරක්ෂා කළා.

බැඳුම්කර වංචාව, බැඳුම්කර වංචාවේ වාරතාව එළියට ඇවිල්ලා තියෙනවා. මහ බැංකුවට සිදු වූ අලාභය කෝටි 1100යි. අවිස්සාවේල්ල රෝහලේ සායනික ගොඩනැගිල්ලක් හදන්න ආණඩුවෙන් කෝටි හයක් ගන්න නැහැ. සේවක අර්ථ සාධක මුදලට ඇති වූ අලාභය කෝටි 850යි.

බැඳුමිකර වංචාව පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමෙන් දෙපාර්ශවයටම අවාසියි. එනිසා පස්සට ගියා. දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා අභියෝග කරලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ලොකුවට සම්බන්ධ වු බැඳුම්කර වාරතාවේ තොරතුරු හෙළිවී තිබෙනවා. මේවා පාර්ලිමේන්තුවේ විවාදයට භාජනය වීම දෙපාර්ශවයටම අවාසියි.

දැන් මෛත්‍රීපාල සිරිසේන මහතා අභියෝගයක් නරලා තියෙනවා. පෙබරවාරි මස 10 වැනිදාට ප්‍රථම පාර්ලිමේන්තුවේ බැඳුම්කරය පිළිබඳව සාකචඡා කරන්න කියා මම කථානායකතුමාය ලිපියක් ඇරියා. මෛත්‍රීපාල මැතිතුමා මෙසේ ප්‍රකාශකර තිබෙන හෙයින් කරුණා කර පක්ෂ නායක් රැස්වීමක් කැඳවා වහාම මේ විවාදය පවත්වමු 10 වැනිදාට පෙර කියා. ගොඩක් අය මෙතන ඉන්න ඕනෑ. ඒ විතරක් නෙවෙයි, මෛත්‍රීපාල මහත්තයාගේ බැටෑලියන් එකේ කට්ටියගෙත් තියෙනවා. මම කියන්නම් එදාට ආපදා කලමනාකරණ අංශයේ කවුද ? මහින්ද අමරවීර ඒ ආපදා කලමනාකරණ අමාත්‍යාංශය ගැනත් ඒ වාර්තාවල තියෙනවා. මෛත්‍රීපාල මහත්තයාගේ කෝට්ටේ සංවිධායකවරයගේ විස්තරත් තියෙනවා. ඒ නිසා ඒ ඔක්කොගේම විස්තර හෙළීදරව් කරගන්න ජනතා විමුක්ති පෙරමුණ අභියෝග කරනවා. මේ වාර්තාව පෙබරවාරි 10 වැනිදට පෙර විවාදයට ගන්න මෛත්‍රීපාල මහත්තයා කරණ ලද තීන්දුවට අපි එකඟයි.

අපි උත්තරයක් බලාපොරොත්තු වෙනවා සභා නායක කිරිඇල්ලගෙන්, අපි උත්තරයක් බලාපොරොත්තු වෙනවා මහින්ද මහත්තයාගෙන්, දිනේෂ් ගුණවර්ධන යන අයගෙන් අපි බලමු කොහොමද වෙන්නේ කියා.

ඡන්දය දීපු අයගේ අරමුණ ඉටුවෙන්නේ නැහැ. අපිට මතකයි රනිල් වික්‍රමසිංහ මහත්තයා කිවුවා එයාට ඡන්දය දෙන්න හොරු අල්ලනවා කියලා. ඔහු හොරු ආරක්ෂා කළා. සාගල රත්නායක, තිලක් මාරපන, වජිර අබේවර්ධන සෘජුවම මේවට සම්බන්ධවී ඉන්නවා. හොරු ආරක්ෂා කරන්න මේ කෑල්ල කපලා ටී.වි එකේ දාන්න. එතකොට මේ අය කොහෙද කියා අහයි. මම කියන්නම් ඒ ගැන. ආණ්ඩුව බැඳී සිටිනවා ජනතාවට ප්‍රධාන ආහාරය සාධාරණව ස්ථාවර මිලකට ලබා දෙන්න. අමු මිරිස් කිලෝ එක මේ සතියේ ගත්තොත් රුපියල් 400යි. ඊළඟ සතියේ ගත්තොත් රුපියල් 600යි. හාල් කිලෝ එක අද ගත්තොත් රුපියල් 100යි. හෙට ගත්තොත් රුපියල් 102යි. අවශ්‍ය ආහාර ටික ලබා දෙන්න බැරි පාලකයෝ ඕවාටද ආණඩු කියන්නේ. ආර්ථිකය හැදුවද නැහැ. මේ කණ්ඩායම් දෙකම ඒක කළේ නැහැ. අපේ රටේ නිශපාසනය කඩා වැට්ටුවා. ආරථිකේ ප්‍රධාන සාධක දෙකක් තියෙනවා. එකක් නිශ්පාදනය වැඩි කරන්න ඕනෑ. අනික ආර්ථිකය කළමනාකරණය. නිශ්පාසනය වැඩි කරද්දී අවිස්සාවේල්ල පාරිභෝගික ජනතාවට නිශ්පාදනය වැඩි කරන්නක් ඕනෑ. කළමනාකරණය කරන්නත් ඕනෑ. අද මොකද වුණේ. මොකක්ද සිද්ධ වුණේ. ආප් රටේ නිශපාදනයත් කඩා වැටුණා. කළමනාකරණයත් අසාර්ථක වුණා. අපේ රටේ සීනි නිශ්පාදනයෙන් 91%ක් පිට රටින් ගෙනාවා. 9%යි රටේ නිශ්පාදනය කරන්නේ. අපේ රටට කඩදාසි 100%ක්ම පිට රටින් ගෙන එනවා. ඇඹිලිපිටිය, වාලච්චේනයේ කඩදාසි කම්හල වහලා දැම්මා. අප රටට රෙදිපිළි 100%ක් ආනයනය කරනවා. විදේශ රටවලින් මත්තේගොඩ, තුල්හිරිය, පූගොඩ තිබුණු වීවින් මධ්‍යස්ථාන වහලා දැම්මා. අපේ රට සිමෙන්ති විශාල ප්‍රමාණයක් ආනයනය කරනවා. 1922 දී අපේ රටේ යූරියා 100%ක්ම හදලා අපිට වැඩි වෙලා යූරියා මෙට්‍රික් ටොන් ලක්ෂ 10ක් පකිස්ථානයට පැටෙව්වා. සපුගස්කන්දේ තෙල් පිරිපහදු කරනකොට ඒවායෙන් එන අතුරු ඵලයකින් තමයි යූරියා හදන්නේ. සපුගස්කනදේ තිබුණා යූරියා හදන ෆැකටරියක්. ඔය ප්‍රසිද්ධ කතාවක් තියෙනවා නේද බටලන්දේ වදකාගාරය ගැන. ඔය බටලන්ද වදකාගාරය තිබුණේ සපුගස්කන්ද ෆැක්ටරියේ පොහොර ගබඩාවක.

පොහොර කර්මාන්තශාලාවේ විශාල වශයෙන් පොහොර ගබඩා කරලා තිබුණා. අපේ රටට ඕනෑවටත් වඩා පොහොර හැදුවා. අද එක යූරියා ඇටයක් නැහැ. අපේ රටේ ලුණු අවශ්‍යතාවයෙන් 56%ක්, මිරිස් අවශ්‍යතාවයෙන් 72%ක්. කිරිපිටි අවශ්‍යතාවයෙන් 77%ක් නිශ්පාදනය කර ගන්න අසමත් රටක් බවට පත් වෙලා තියෙනවා.

මේ පාලකයෝ අවුරුදු 70ක් රට පාලනය කරනවා. කිසිවක් නිශ්පාදනය නොකරන රාජ්‍යක් බවට පත් වෙලා තියෙනවා. අද බීජ වලට විශාල මුදලක් ගෙවන්න ඕනෑ. බීජ කියන්නේ වෙළඳ අධිකාරියක්. අදත් කොළඹ වරායෙන් බාන ගෝවා ඇට කිලෝ එකක් රුපියල් 45,000යි. නිශ්පාදන වියදම අඩු කරන්න බැරි වුණා. කිසිම ආර්ථික සැලැස්මක් නැහැ. කවුරු හරි අපේක්ෂා කළා නම් රනිල් වික්‍රමසිංහ මහතා ආර්ථිකේ හදයි කියලා හැදුවේ නැහැ. මොනවද කළේ බිස්නස් කඩා වැටිලා. තරුණ තරුණියන් ඉගෙන ගෙන ඉන්නවා ඔවුන්ට රක්ෂාවල් නැහැ. ආර්ථිකය හොඳයි නම් අවිස්සාවේල්ල රෝහල ඇතුළු හැම දෙයම දියුණු වෙන්න ඕනෑ.

දරුවන්ට පාසල් අධ්‍යාපනය ප්‍රමාණවත් නැහැ. අධ්‍යාපනය කඩා වැටිලා තියෙන්නේ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයාට 2015 ඡන්දය දුන්නට ආර්ථිකය හදයි කියලා ඒක මේ සැරේ දෙන්න එපා. මම එක්සත් ජාතික පාකෂිකය්නගෙන් ඉල්ලන්නේ පෙබරිවාරි 10 වැනිදාට එජාපයට ඡන්දය දෙන්න එපා කියලයි.”