Gossips

වංචනික මුදල් ජාවාරමක් CIA ඇසට හසුවෙයි

පසුගිය සතියේ තම මෝටර් රථය විකිණීම සදහා සති අන්ත පුවත්පතක දැන්වීමක් පළ කළ පුද්ගලයෙකුට අනුරාධපුර ප්‍රදේශයේ ස්වාමීන්වහන්සේ කෙනෙකු ලෙස පෙනී සිටි අයෙකු දුරකථන ඇමතුමක් ලබා දී තිබුණා.
එම වංචනිකයා පවසා ඇත්තේ තමන් සතුව මෙරට වලංගු මුදල් නෝට්ටුවලට සමාන ව්‍යාජ මුදල් තොගයක් ඇති බවත් එය ලබා දිය හැකි බවයි.
එහෙත් ඔහු පිළිබදව සැකසිතූ දැන්වීම පළ කල පුද්ගලයා අදාල වංචාකරුගේ දුරකථන අංකය හිරු සී.අයි.ඒ. වෙත ලබා දුන්නා.
හිරු සී.අයි.ඒ. කණ්ඩායම ස්වාමීන්වන්සේ ලෙස පෙනී සිටි පුද්ගලයාට රැවටුනු බව පවසමින් දුරකථන සංවාදයේ යෙදුනා.