Gossips

ලෝඩ්ස් ක්‍රීඩාංගණය සංගා මිලදීගත් බවට පැවසෙන කතාවේ ඇත්ත ?

ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.
ඒ ලෝක පූජිත ක්‍රීඩාංගණය වන ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ කොටසක් මිලදීගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කිරීමත් සමඟයි.
සංගා මෙලෙස මිලදීගෙන ඇති බවට වාර්තා වන්නේ ක්‍රිකට් රන් දෙවොල නමින් හඳුන්වන එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ කොටසක්.
කෙසේ වෙතත් එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එම ක්‍රීඩාංගණයේ කොටස් ක්‍රීඩකයන්ට මෙන්ම ප්‍රේක්ෂකයන්ටද මිලදීගත හැකි බවයි.
ඒ අනුව ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ කොටසක් මිලදී ගැනීම සඳහා ගෙවිය යුතු මුදල පවුම් 500ක්.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ ජීවිතයේ එක්වරක් පමණක් හිමිවන මෙම සුවිශේෂ අවස්ථාව හිමිකරගත් ප්‍රථමයා ලෙස සුපිරි සංගා ඉතිහාසයට එක්වන බවයි.