Gossips

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදයි

ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට (01) යෙදී තිබෙනවා.
ලෝක ළමා දින ජාතික උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙක් අරලියගහ මන්දිරයේදී අද (01) පැවැත්වීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය කටයුතු යොද තිබෙනවා.
"දිරියෙන් පෙරමුණට යන්න ළමා කැළට සවිය දෙන්න" මෙවර එහි තේමාවයි.
මෙම උත්සවයේදී ලෝක ළමා දිනය නිමිත්තෙන් වූ සමරු මුද්දරයක් නිකුත් කිරීම ද සිදු කෙරෙනවා.
ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ ද වැඩිහිටි ජනගහනය සීග්‍රයෙන් ඉහළ යමින් පවතිනවා.
වර්ෂ 1964 දී සියයට 5.4%ක් වූ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ගේ ප්‍රතිශතය 2001 වසරේ දී සියයට 9.2ටත් 2012 වසරේ දී 12.5%ටත් වැඩි වූ අතර 2050 වනවිට එය සියයට 30% දක්වා වැඩි වන බවට පුරෝකතනය කර ඇති බවයි වාර්තා වෙන්නේ.
වර්ෂ 2041 වනවිට ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් සියයට 25%ක් අවුරුදු 60 ඉක්මවූ වැඩිහිටියන් වනු ඇති.