Gossips

ලෝක ළමා දිනය සමරද්දී පාසල් සිසුවියක් එක්ක කාමරයේ සිටි පාසල් සිසුවා

ලෝක ළමා දිනය දා අඹුසැමියන් ලෙස හැසිරුණු පාසල් සිසුවියක් සහ සිසුවෙක් පිලිබඳව පුවතක් දඹුල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා.
ඔවුන් තනිව හිතවතෙකුගේ නිවසක නවාතැන් ගෙන සිටියදීයි දඹුල්ල පොලිස් නිලධාරීන් විසින් හොයාගෙන ඇත්තේ.
පසුව අදාළ සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල්ගතකර ඇති අතර සැකකාර සිසුවා පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මොවුන් කළක සිට ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවයි මේ වනවිට අනාරණය වී ඇත්තේ.
සිසුවිය 15 හැවිරිදි වියේ පසුවන අතර සිසුවා 18 හැවිරිදි වියේ පසුවන බවයි වාර්තා වන්නේ.
මොවුන් දඹුල්ල නගරයට ආසන්න ගම්මානයක පදිංචිව සිටින අතර අදාළ ප්‍රේම සම්බන්ධතාව සැලවීමත් සමඟ මව්පියන් විසින් දැඩිලෙස අවවාද කොට තිබෙනවා.
පසුව සිසුවා සහ සිසුවිය රාත්‍රී කාලයේ ඥාති නිවසකදී හමුව ඇති අතර එහිදීද අඹුසැමියන් ලෙස හැසිරී ඇති බවටයි තොරතුරු වර්තා වන්නේ.
එම තොරතුරු පිළිබඳව දැනගැනීමෙන් අනතුරුවද නිවෙස්වලින් මොවුන්ට දැඩිලෙස අවවාද කර ඇති බවත් අනතුරුව මෙලෙස දෙදෙනා එක්ව නිවෙස්වලින් ගොස් ඇති බවත් වාර්තා වනවා.
ඉන් අනතුරුවයි ලෝක ළමා දිනය දා ඔවුන් පොලිසිය විසින් සොයාගෙන ඇත්තේ.
මේ අතර දෙදෙනාට උපකාර කළ තවත් පිරිසක් සොයාගැනීමට ද පොලිසිය මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබෙනවා.
දඹුල්ල පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.