Gossips

ලෝක සෞඛ්‍ය සංවිධානයේ පුහුණු රැකියාලාභීන්ට මූල්‍යමය ගෙවීම් කිරීමට තීරණයක්

ලෝක සෞඛ්‍ය සංවිධානය යටතේ රැකියා පුහුණුවීම්වල යෙදෙන්නන්ට ගෙවීම් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රථම වරට තීරණය කර තිබෙනවා.
මීට පෙර ගෙවීමක් නොලබා පුහුණුවීම්වල නිරතවූවන් සිදුකළ ඉල්ලීම් සළකා බලමින් මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ පවතින අනෙකුත් සංවිධානවල පුහුණුවීම්වල නිරතවන්නන් සඳහා මූල්‍යමය ගෙවීම් සිදුකළද ලෝක සෞඛ්‍ය සංවිධානය යටතේ රැකියාගත පුහුණුවීම්වල නිරතවන්නන්ට එලෙස ගෙවීමක් සිදුකර තිබුණේ නැහැ.
මෙලෙස රැකියාගත පුහුණුවීම්වල නිරතවන්නන්ට දිනකට ඇමරිකන් ඩොලර් 6540 ක මුදලක් වැයවන බවයි මේ වනවිට ගණන් බලා ඇත්තේ.
මෙම රැකියාගත පුහුණුව සඳහා වැඩි වශයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල පුද්ගලයින් අනුයුක්ත කරගන්නා බව සඳහන්.