Gossips

ලෝක සාම දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට

2018 ලෝක සාම දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණ තිබෙනවා.
පසුගිය වසරේදී 72 වන ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව මෙවර 67 වන ස්ථානයට පත්ව ඇති අතර, ලොව වඩා සාමකාමී රට බවට පත්ව ඇත්තේ 2008 වසරේ සිට එම ස්ථානය රැකගෙන සිටින අයිස්ලන්තයයි.
නවසීලන්තය, ඔස්ටි‍්‍රයාව, පෘතුගාලය, ඩෙන්මාර්කය, පිළිවෙලින් දර්ශකයේ මුල් ස්ථානවලට පැමිණ තිබෙනවා.
සාමකාමී බවින් අඩුම රට බවට පත්ව ඇත්තේ සිරියාවයි.
ආර්ථික සහ සාමය පිළිබද ආයතන විසින් රටවල් 163 ක් පාදක කරගෙන ලෝක සාම දර්ශකය වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන අතර, 2018 සාම දර්ශකයට අනුව ලෝකයේ සාමකාමීත්වය බින්දුවයි දශම 2 යි 7 කින් පහළ බැස තිබීම විශේෂත්වයක්.