Gossips

ලෝක වෙළඳ යුද්ධය උත්සන්න වන ලකුණු

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීන ආනයනය සඳහා ඩොලර් බිලියන 50 ඉක්ම වූ තීරු බදු පැනවීමත් සමඟ ආරම්භ වූ වෙළද යුද්ධය නව අදියරකට පිවිස තිබෙනවා.
චීනය අවධාරණය කළේ තමන් කවරාකාරයෙන් හෝ ඇමරිකානු අභියෝගයට මුහුණ දෙන බවයි.
එමෙන්ම චීනය වෙත සිදුකෙරෙන ඇමරිකානු ආනයන සඳහා ද නව බදු පැනවීමට චීනය කටයුතු කළා.
චීනය වෙත තවදුරටත් සම්බාධක පැනවීමට සූදානම් බවත්, ඒ සඳහා එක්වන ලෙස යුරෝපයට ද ආරාධනා කරන බවත්, ජනපති ට්‍රම්ප් ඊයේ (06) ප්‍රකාශ කර තිබූ අතර ඊට ප්‍රතිචාර වශයෙන් ලොව පුරා කොටස් වෙළදපොළ බිඳ වැටීමක් දක්නට ලැබුණා.