Gossips

ලෝක වෙළඳ යුද්ධය ඇරඹේ

ලෝක වෙළඳ යුද්ධය ඇමරිකාවට ජයගත හැකි බව පවසමින් වානේ සහ ඇලුමිනියම් ආනයනයන්ට ජනපති ට්‍රම්ප් පැනවීමට සූදානම් වන විශාල බදුවලට යුරෝපා සංගමය දැඩි ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා.
වානේ සඳහා සියයට 25 ක බද්දක් සහ ඇලුමිනියම්වලට සියයට 10 ක බද්දක් පැනවීමටයි ජනපති ට්‍රම්ප් යෝජනා කළේ.
එහෙත්, ඊට ප්‍රතිචාර වශයෙන් ඇමරිකානු යතුරුපැදි සහ ඇඟලුම් ආනයන වලට සියයට 25 ක බදු පැනවීමට සූදානම් බව යුරෝපා සංගම් වෙළඳ ප්‍රධානීන් සඳහන් කළා.
ඇමරිකාවට ලෝහ අපනයනය කරන කැනඩාව, මෙක්සිකෝව, චීනය, ජපානය සහ බ්‍රසීලය ද ජනපති ට්‍රම්ප්ගේ බදු පැනවීමට විරෝධය දක්වා ඇති අතර, චීන විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ එය ජාත්‍යන්තර වෙළඳාමට දැඩි අභියෝගයක් බවයි.
වෙළඳ යුද්ධය කිසිවෙකුගේ අභිලාෂයක් නොවන බව ලෝක වෙළඳ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් රොබර්ටෝ අසිවිඩෝ ප්‍රකාශ කළා.